Nov 07, 2017

කුසල් ඉවත් කිරීම ගැන මහේල දුක්වෙයි

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත් කිරීම පිළිබඳව මහේල ජයවර්ධන සිය අප්‍ර‍සාදය පළ කර තිබේ.

Mahelatweet

තේරීම් කමිටුව ගත් මෙම තීරණයට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝදෙනා දැඩි විවේචන එල්ල කර සිටියි.

ට්විටර් සටහන් කිහිපයක් තබමින් මහේල පවසා ඇත්තේ කුසල් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට ඇතුළත් කර නැත්තේ ඇයිදැයි තමන්ට තේරුම් ගැනීමට නොහැකි බවයි.

තරග ක්‍රීඩා නොකළත් කුසල් මෙන්ඩිස් ඉන්දීය ඉන්දීය සංචාරයට ඇතුළත් කිරීමට තිබුණු බවත්, යොවුන් ක්‍රීඩකයන් ඉගෙන ගන්නේ ඒ ආකාරයෙන් බවත් ඔහු කියා සිටියි.

Mahelatweet2

පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු සංචාරයේ සිට ශ්‍රී ලංකාව වෙනුවන් ටෙස්ට් තරග වලදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවන් අතරින් දෙවැනි ස්ථානයේ සිටින්නේ කුසල් මෙන්ඩිස් ය.

වසර 2015දී ටෙස්ට් වරම් ලැබූ මෙන්ඩිස්, මේ වන විට ටෙස්ට් ඉනිම් 44ක් ක්‍රීඩා කර ලකුණු 1441ක් රැස් කර ඇත. මේ අතරට ශතක තුනක් සහ අර්ධ ශතක 4ක් ද රැස් කිරීමට ඔහු සමත් වී තිබේ.

මෙවර ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් කුසල් මෙන්ඩින්, කෞෂාල් සිල්වා සහ නුවන් ප්‍රදීප් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට කැඳවා ඇත්තේ ධනංජයද සිල්වා, දසුන් ශානක සහ ඇන්ජලෝ මැතිව්ස්ය.

සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 16 වැනිදා කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top