Nov 26, 2016

‘රග්බි සෙවන්ස්’ ලබන වසරේ සිට පාසල් ක්‍රීඩාවක් වෙයි Featured

පිලකට සත් දෙනා බැගින් වන ‘රග්බි සෙවන්ස්’ ක්‍රීඩාව ලබන වසරේ සිට සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවලට ඇතුළත් කර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි අවුරුදු 16 – 20 වයස් ඛාණ්ඩය යටතේ ‘රග්බි සෙවන්ස්’ ක්‍රීඩාව සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවක් බවට පත් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ ක්‍රීඩා උ‍පදේශක සුනිල් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

“ආසියාතික රග්බි තරග බිමේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ප්‍රවර්ධනයක් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමත් ජාත්‍යන්තර තරග ජයග්‍රහණ අත්කර ගත්තා. පාසල් මට්ටමේ සිටම ජාත්‍යන්තරයට යාමට හපන් ක්‍රීඩකයන් බිහි කිරීම මේ නව ක්‍රියාවේ අරමුණයි” ජයවීර මහතා වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර ලබන වසරේ සිට අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවන සියලුම තරගාවලියන්හි වයස් ඛාණ්ඩවල වෙනසක් සිදු කිරීමටද තීරණය වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top