15976 BM WEB BANNER 01
Nov 19, 2017

සුගතදාසේ පමාව මලල ක්‍රීඩාව වලපල්ලට යවයි ? Featured

මලල ක්‍රීඩා තේරීම් තරගාවලියක් පැවැත්වීමට සුදුසු ධාවන පථයක් මෙරටින් සොයාගැනීමට නොහැකිවීමෙන් මලල ක්‍රීඩකයන් මෙන්ම මලල ක්‍රීඩා බලධාරීන්ද විශාල අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ අතර, ලබන වසරේ පෙබරවාරි මස 02 වැනිදා සිට ඔස්ට්‍රේලියාවේදී වැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තේරීමේ තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට සිදුව ඇති බව වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩාංගනය වන සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය නැවත එළීම දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිතව තිබුණද එය ලබන මාර්තු මස දක්වා අවසන් කළ නොහැකි බව ඉදිකිරීමේ එය ඉදිකරණ කොන්ත්‍රාත් ආයතනය දැන්වීම නිසාය.

මසකට අධික කාලයක් පවතින වර්ෂාව මේ ප්‍රමාදයට හේතුව බව කොන්ත්‍රාත් සමාගම පෙන්වා දී තිබේ.

වර්තමානයේ මලල ක්‍රීඩා තරග පවත්වන දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනයේ ධාවන පථය ජාත්‍යන්තර තරගාවලියකට සුදුසු තත්ත්වයක නොමැති බව මලල ක්‍රීඩා ප්‍රවීනයෝ පවසති.

තත්ත්වය එසේවුවද, සමස්ත ආසියාවේම එකම කෙටිදුර ධාවන ඔලිම්පික් පදක්කමට හිමිකම් කියන්නිය සිටින රට වන්නේද ලංකාවය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top