15976 BM WEB BANNER 01
Nov 24, 2017

"පරාජයෙන් බේරුණේ කල්මරලා" දික්වැල්ල

කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ පැවති පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයේදී තමන් සිතාමතාම කල් මැරීමට කටයුත් කළ බව ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පවසයි. ඉන්දියාව එම තරඟයේ ජයග්‍රහණයේ සීමාවටම පැමිණියත් දික්වැල්ල විවිධ උපක්‍රම භාවිතා කිරීම හරහා කල් මැරීමෙන් තරඟය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට කටයුතු කළේය.

ඒ පිළිබඳව අසහස් දක්වන දික්වැල්ල,
" ඒක ආරම්භ වුණේ මම ස්කෙවෙයාර් ලෙග් කලාපයෙන් හයේ පහරක් එල්ල කළ විටයි.ඒ අවස්ථාවේදී එම කලාපයේ පන්දු රකින්නන් තිදෙනෙක් සිටියා.මම එය විනිසුරු නයිජල් ලෝංග්ට පැවසුවා. ඊට පස්සේ නිපන්දුවක් ලෙස එම පන්දුව සටහන් කළා. පසුව චිරාත් කෝලි මට කිව්වා ඒක විනිසුරුගේ රාජකාරියක්. ඒ ගැන ඔබ දුක්වෙන්න ඕන නෑ, කියලා . ඉන් පසුවයි හැමදේම ආරම්භ වුණේ."

"කෝලි දැනගෙන හිටියා මම කරන්න යන දේ. ඊට පස්සේ තමයි මොහොමඩ් සාමි සමඟ වචන හුවමාරුවක් ඇති වුණේ. එය විනෝදයි. මම හිතනවා මම සටන දිණුවා කියලා". යැයි පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top