15976 BM WEB BANNER 01
Nov 25, 2017

සුගතදාස පථය ආයෙත් අවුල් ! Featured

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය ඉදිකිරීම් ලබන දෙසැම්බරයේ අවසන්වීමට නියමිතව තිබුණද කොන්ත්‍රාත් කරුවාගේ හා ක්‍රීඩා ඇමතිගේ ගැටුමක් හේතුවෙන් ලබන මාර්තුව දක්වාම එය කල් යනු ඇතැයි වාර්තා වේ.

ඒ නව ව්‍යාපෘතිය යටතේ ධාවන පථය මිලිමීටර 100 ක් හෑරිය යුතු යැයි පවසමින් කොන්ත්‍රාත් සමාගම ඒ සඳහා අමතර රුපියල් මිලියන 35 ක් (ලක්‍ෂ 350 ක්) ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ ද එය ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා කොන්ත්‍රාත්කරු මෙතෙක් ධාවන පථයේ ඉදිකිරීම් ආරම්භකර නොමැති වීමය.

මෙහිදී ධාවන පථය මීලිමීටර 100 ක් හෑරීමේ යෝජනාව සමඟ කොන්ත්‍රාත්තුවේ සඳහන් වර්ග අඩි 2000 ව්‍යාපෘතිය වර්ග අඩි 4000 ක් දවා වැඩි වන බව වාර්තා වේ.

කොන්ත්‍රාත් සමාගම එවැනි අදහසක් පළ කරද්දී ධාවන පථය මිලිමීටර 50 වත් හෑරීමේ අවශ්‍යතාවක් නොමැති බවට සුගතදාස ක්‍රීඩාංගණයේ නිලධාරීන් පවසන බව ද දැනගන්නට තිබේ.

මෙම මිලිමීටර 100 කථාව ටෙන්ඩරය ලබා ගැනීමට ගත් උත්සාහයේදී අහිමිවූ මුදලක් පියවා ගැනීමේ උත්සහයක් බවට ද ඇතැම්හු සැක පළ කරති.

අදාළ, ධාවන පථය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරය දරන අවධියේදී දැවැන්ත මුදලක් දිය කරමින් නැවත එළීම කළ ද එය නියමිත ප්‍රමිතියට නොතිබීම නිසා මාස කීපයකදී පාවිච්චි කළ නොහැකි තත්ත්වයට පත්විය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top