Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 28, 2016

තුන්කොන් සටනේ කිරුළ ලංකාවටයි

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 06කින් පරාජය කර බුලවායෝහිදී ඊයේ (27) අවසන් වූ බ්ලූ මවුන්ටන් ඇකිලියොන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

සිම්බාබ්වේ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 161ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිතිකරුවෝ තරගයේ 37.3 වැනි පන්දුවාරයේදී කඩුලු 04ක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.

මෙහිදී කණ්ඩායම ජයග්‍රාහී කඩඉම තෙක් රැගෙන යමින් උපුල් තරංග ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 98කදී නොදැවී ලකුණු 57ක් ලබාගැනීමට සමත්විය.

ඒ අනූව සිම්බාබ්වේ, ශ්‍රී ලංකා හා‍ කොදෙව් තුන්කොන් තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවිය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ‍කිහිප දෙනෙකු නොමැතිව පළපුරුදු ක්‍රීඩකයෙකු ලෙස උපුල් තරංග මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවීමද විශේෂත්වයකි.

තුන්කොන් සටනේ කිරුළ ලංකාවටයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top