15976 BM WEB BANNER 01
Dec 04, 2017

දෙවසරකට පසු මැතිව්ස් ශතකයක් වාර්තා කරයි

මේ දිනවල නවදිල්ලි නුවර ෆේරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරඟයේදී, සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතීව්ස් සමත්විය.

2015 වසරේ අගෝස්තු මාසයේදී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ කළ තරඟ සංචාරයේදී ඔහු ශතකයක් ලබා ගැනීමෙන් පසුව ලැබූ ප්‍රථම ශතකය මෙය වේ.

පන්දු 231 කින් වාර්තා වූ ඔහුගේ ශතකයට හතරේ පහර 12 ක් හා හයේ පහර දෙකක් ඇතුළත් විය. එසේම ඉනිම 37 කට පසුව මැතීවුස් මෙම ශතකය ලබා ගත්තේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top