Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 05, 2017

අනවසරෙන් රට යන්න ගිය ක්‍රිකට් තරු එයාපෝට් එකේදී හරවා ගෙදර යවයි

ඉන්දියාව හා පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලියට සහභාගිවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයන් 9ක් ඊයේ (04 දා ) මධ්‍යම රාත්‍රියේ ආපසු කැඳවීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කර ඇති බව වාර්තාවේ.

එක්දින සංචිතය සඳහා අමාත්‍යවරයාගේ අවසරය ලබාගත යුතු වූවත් එසේ අවසර ලබාගැනීමකින් තොරව මෙම ක්‍රීඩකයන් ඉන්දියාවට පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණු හෙයින් ඔවුන්ට ආපසු කැඳවීමට අමාත්‍යවරයා කටයුතු කර ඇත.

එක්දින නායක තිසර පෙරේරා , ධනුශ්ක ගුණතිලක , උපුල් තරංග, අසේල ගුණරත්න, සචිත් පතිරණ ,දුෂ්මන්ත චමීර ඇතුළු ක්‍රීඩකයන් 9 දෙනෙක් මෙම සිදුවීමෙන් නැවත නිවෙස් කරා ගොස් තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top