15976 BM WEB BANNER 01
Dec 06, 2017

ක්‍රිකට් පිල තේරීමට බලපෑම් : පාඩුව ඈෂ්ලිට ගෙවන්න වෙයි !

ඉන්දීය එක්දින ක්‍රිකට් තරගාවලියට තෝරන ලද සංචිතයට ක්‍රීඩකයන් දෙදෙනෙකු එක්කර ඇත්තේ අවසන් මෙහොතේ බව වාර්තා වේ.

අදාළ සංචිතයට අවසර ගැනීම ප්‍රමාදවී ඇත්තේ මේ තත්ත්වය නිසා බද ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, එම පිරිස තේරීමේදී බලපෑම් පැමිණි බවට සැක මතුව ඇතත් බලපෑම් පැමිණි පාර්ශව මෙතෙන් හෙළිව නොමැත.

දයාසිරිගේ වැඩෙත් සැකයි !

පසුගිය (04) වැනිදා ඉන්දීයාව සමඟ එක්දින තරගාවලියට සහභාගිවීමට ඉන්දියාවට යාමට කටුනායක ගුවන්තොටුපලට ගිය ක්‍රීඩකයන් නමදෙනෙකු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් හරවා නිවෙස්වෙත යවා තිබිණි.

ඒ එම තරගාවලියට සහභාගිවීමට සිය අනුමැතිය ලබා නොගත් බව පවසමිනි.

මේ කාරණාවද මේවන විට ක්‍රීඩා කේෂත්‍රය තුළ සැකයට බඳුන්ව ඇති අතර එම පිලේ ඇමති දන්නා අයකු නොමැතිවීම නිසා එම කණ්ඩායම නැවත කැඳවූ බවටද මේවන විට රාවයක් පැතිර තිබේ.

පාඩුවේ වාඩුව ඈෂ්ලිගෙන් !

අදාළ ක්‍රීඩකයන් ඉන්දියාවට යැවීමට පිටත්කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා බවට මේවන විට චෝදනා එල්ලවී ඇති අතර එම ක්‍රීඩකයන් 09 දෙනා නොයෑම නිසා ගුවන් ප්‍රවේශපත් මිලදී ගැනීම ඇතුළුව සිදුව ඇති පාඩුව ඈෂ්ලි විසින් ගෙවිය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දන්වා ඇති බවද මේ අතර වාර්තා වේ.

චන්දිමාල් නෑ - අසේල, කුසල් එක්වෙයි !

කෙසේවුවද, ශාරීරික යෝග්‍යතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථාන අහිමි කරගත් අසේල ගුණරත්න සහ කුසල් ජනිත් පෙරේරා දෙදෙනාම එක්දින සංචිතයට ඇතුළත්ව සිටිති.

මෙම එක්දින කණ්ඩායමෙන් ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම

තිසර පෙරේරා (නායක), ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප්

අතිරේක ක්‍රීඩකයෝ
විශ්ව ප්‍රනාන්දු, අශාන් ප්‍රියන්ජන්, දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top