Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 29, 2017

ලැබ්රෝයි බංග්ලාදේශයේ නොයා පුතා බලන්න නවසීලන්තයට යයි ! Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ තීරණාත්මක බංග්ලාදේශ සංචාරයට සහභාගි නොවී නවසීලන්තයට යාමට සූදානම්වන බව වාර්තා වේ.

ලැබ්රෝයි මහතා මෙසේ ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ සංචාරය මඟහරිමින් නවසීලන්තයට යන්නේ ඔහුගේ පුතු එහි පදිංචිව සිටින බැවින් ඔහු දැක බලා ගැනීමට බව ක්‍රිකට් කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලැබ්රෝයි මහතා නවසීලන්තයට යාමට සැරසෙන්නේ නවසීලන්තයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයට සහභාගිවන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල සමඟය.

ඔවුන් ලබන ජනවාරි 01 වැනිදා නවසීලන්තය බලා යාමට නියමිතය.

යොවුන් ක්‍රිකට් පිලේ අවසන් තේරීම් සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව විසින් වුවද ඔවුන් ඇතැම් යොවුන් ක්‍රීඩකයන් නම් වශයෙන් හෝ නොහඳුන බවද පැවසේ.

ලැබුරෝයි මහතාගේ තත්ත්වයද එසේම බව පැවසෙන අතර එසේ ක්‍රීඩකයන් නොහඳුන තේරීම් කමිටු සමාජිකයකු නවසීලන්ත සංචාරයට එක්වන්නේ කුමන හේතුවකට ද යන්න ක්‍රිකට් කේෂත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top