Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 30, 2018

රට යන්න ගිය මළල ක්‍රීඩිකාවන් ගුවන්තොටින් හරවා එවයි

කටුනායක ගුවන් තොටුපොළින් ඊයේ (29 දා) රාත්‍රියේ ඉරානයේ ටෙහෙරාන් නුවර බලා පිටත්වීමට ගිය මළල ක්‍රීඩිකාවන් පිරිසක් නැවත නිවෙස් කරා හරවා යවා තිබේ.

අදාළ ගුවන් ටිකට්පත් ලබාදී තිබුණද ඒ සඳහා ආසන වෙන්කිරීම තහවුරු නොකිරීම හේතුවෙන් මෙය සිදුවී ඇත.මීටර් 800 ධාවන ශූරියන් වන නිමාලි ලියනආරච්චි , ගයන්තිකා අබේරත්න ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනෙකු, 8 වැනි ආසියානු ගෘහස්ත මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියට පිටත්වීමට නියමිතව සිටියහ.

ආසන වෙන්කිරීම තරවුරු නොකිරීමට හේතු වී ඇත්තේ ගුවන් ටිකට්පත් නිකුත් කළ ආයතනයට ක්‍රීඩා අමාත්‍යංශය අදාළ මුදල නොගෙවීමය.

කෙසේ වෙතත් අද (30 ) පස්වරුවේ මෙම ක්‍රීඩිකාවන්ට ටෙහෙරාන් නුවරට යාමට අවශ්‍ය කටයුතු අදාළ බලධාරීන් විසින් සලසා දී ඇත.

මේ පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ඒ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top