Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 30, 2018

ක්‍රිකට් ලෝක කුසලානයට අප්පගෙ පිටින් ගිය පුතා ! Featured

වයස 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා දක්ෂතා ඇති ක්‍රීඩකයන් වෙනුවට පිටපිටම අසාර්ථක වූ ක්‍රීඩකයන් යොදාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්තනෝමතික ලෙස කටයුතු කර ඇතැයි ක්‍රීඩා ප්‍රවීණයෝ චෝදනා කරති.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා පිල මේ වන විට තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවූ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

සන්තුෂ් ගුණතිලක ද මේ ආකාරයෙන් තෝරාගත් ක්‍රීඩකයෙකු වන අතර, ඔහු සංචිතයට ඇතුළත් කර නොනැවතුණු තේරීම් නිලධාරීන්, පකිස්තානය හා ඇෆ්ගනිස්තායට එරෙහිව පැවති තීරණාත්මක තරග සඳහාද ඔහුව නම් කර තිබුණි. ක්‍රිකට් කළමනාකාරිත්වය විසින් ඔහුව ආරම්භක පිතිකරු ලෙස නම් කර තිබුණද ඔහු පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ අංක 08 පිතිකරු ලෙසයි. මෙම තරග දෙකේදීම ඔහු අසාර්ථක විය.

දයාට මෙය කුඩාය

ඔහු සංචිතයට ඇතුළත් කර තිබුණේ පසුගිය දෙසැම්බරයේදී ඉන්දියාවේ පැවති අභියෝගතා කුසලාන තරගාවලිය අතරතුර පන්දුවෙන් හා පිත්තෙන් සුවිශේෂී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා සභාපති XI පිලේ නායකයා වූ අයන සිරිවර්ධන ද නොසලකා හරිමිනි. මීට විරෝධය දක්වමින් අයන ගේ පාසැල වන ඉසිපතන විද්‍යාලය විසින් ක්‍රීඩා අමාත්‍යවරයා හට ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළද, මෙවැනි ‘කුඩා’ ගැටළුවක් සම්බන්ධයෙන් කාලය වැය කිරීමට අමාත්‍යවරයා කාර්යබහුල වී ඇති බව පෙනී යයි.

තවද, සන්තුෂ් කණ්ඩායමට එක්කර ඇත්තේ කණ්ඩායමේ සිටි දක්ෂතම පිතිකරු වන හසිත බෝයගොඩ ද නොසලකා හලමින් බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි. කෙසේවෙතත්, ක්‍රීඩා කිරීමට අවස්ථාව ලද සැනින් ශතක් ද්විත්වයක් වාර්තා කිරීමට බෝයගොඩ සමත් වූයේ කළමනාකාරිත්වයේ ඉහත තීරණයටද පහරක් එල්ල කරමිනි.

හේතු කිහිපයක්?

මේ අයුරින් සන්තුෂ් ගුණතිලක තෝරාගැනීමට හේතු කිහිපයක් පාදක විය හැකි බව පැවසේ. සන්තුෂ් ගේ පියා යනු වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා වන සිරෝෂ ගුණතිලකය. ඔහු ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වේ. සිරෝෂ, තේරීම් කමිටු සාමාජිකයෙකුගේ අඹ යහළුවෙකි.

කණ්ඩායමටත් පෙර වීසා ඉල්ලලා !

විශ්වාස කටයුතු ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කර සිටින්නේ නවසීලන්තයේ පැවත්වෙන වයස 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ සමයේදී සිරෝෂ ද එහි සිටිය බවත්, කණ්ඩායමටත් පෙර ඔහු වීසා බලපත්‍ර සඳහා ඉල්ලුම් කර තිබූ බවත් ය.

(මූලාශ්‍රය : ක්‍රිකට්ඒජ් වෙබ්අඩවිය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top