nsb

Dec 06, 2016

ජයලලිතා ජයරාම් අභාවප්‍රාප්ත වේ Featured

තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් මෙනවිය ඉන්දියවේ වේලාවෙන් රාත්‍රී 11.30ට පමණ අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි රෝහල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

ඊයේ (05) සවස ඇය මියගොස් ඇති බවට ඉන්දියාවේ පලවූ ප්‍රවෘත්ති වැරදි බව පසුව ඇපලෝ රෝහල දන්වා සිටි අතර දැන් එම රෝහල ම එය තහවුරු කර තිබේ.

ජයලලිතා ජයරාම් චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් කෙරුණේ හෘද්‍යාබාධයක් හේතුවෙනි. පසුව ඇයට ශල්‍යකර්මයක්ද සිදුකෙරිණ.  

මියයන විට ජයලලිතා ජයරාම් 68වන වියේ පසුවිය.

තමිල්නාඩු මහඇමති ධුරය 6 වරක් හෙබ වූ ජයලලිතා දකුණු ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් ඉටුකළ කාන්තාවක් ලෙස මෙන්ම ඉන්දු ලංකා රාජ්‍ය සබඳතාවලට සෘජුවම මැදිහත් වූ අයෙකු ලෙස ද ප්‍රකටය.


ඕ පනීර් සෙල්වම් දිව්රුම්දේ :
මේ අතර තමිල්නාඩු ප්‍රාන්තයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඕ පනීර් සෙල්වම් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ නායකත්වය ද ඔහුට පිරිනමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජයලලිතාගේ මරණය පිළිබඳ පුවත අසා අද අලුයම් කාලයේ පවා ඇගේ ආධාරකරුවන් අති විශාල පිරිසක් චෙන්නායි ඇපලෝ රෝහල අසල හැඬූ කඳුළින් රැඳී සිටින බව වාර්තාවේ.

ඔවුන් පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන කණ්ඩායම් පවා යෙදවීමටයි ප්‍රාන්ත බලධාරීන්ට සිදුවී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top