Dec 07, 2016

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් 24 ක් මරුට

ඉන්දුනීසියාවේ ආචේ පළාතේ මුහුදු පත්ලේ හට ගත් භූමිකම්පාවකින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

රිච්ටර් මාපක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව සිග්ලි නගරයට ආසන්නව සිදුවී ඇති බවත්, මේ හේතුවෙන් ගොඩනැගිලි රැසක් කඩාවැයී ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙසේ කඩාවැටුනු ගොඩනැගිලි වල සුන්බුන් අතර තවත් පුද්ගලයන් සිරවී ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත්, මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි තර්ජනයක් මතුව නැතැයි ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යා බලධාරීන් පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top