nsb

Dec 09, 2016

ද. කොරියානු ජනපතිනිය ගෙදර යයි

දකුණු කොරියාවේ ජනාධිපති Park Geun-hye බලයෙන් පහ කිරීමට ගෙන ආ දෝ‍ෂාභියෝගයට සහය පළ කරමින් එරට පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මෙම දෝ‍ෂාභියෝගයට සහය පළ කරමින් ඡන්ද 234ක් ද විපක්ෂව ඡන්ද 58ක් ද ලැබී තිබුණි.

මේ අනුව, එරට ජනපතිවරයාගේ බලය හිමිවන්නේ අගමැතිවරයාටය.

එරට ජනපතිවරිය සම්බන්ධ දූෂිත ගණුදෙනු හෙළිදරව් වීමෙන් අනතුරුව ඇයව බලයෙන් පහකරන මෙන් ඉල්ලමින් පසුගිය සති කිහිපය පුරාවටම දහස් ගණන් දකුණු කොරියානු ජාතිකයන් වීදි බැස තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top