nsb

Dec 10, 2016

"සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න" - ඔබාමා

පසුගියදා අවසන් වූ අමෙරිකානු ජනාධිපතිරණ කාලය තුළ එල්ල වූ සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලෙස අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.

විශේෂයෙන්ම මැතිවරණය සමයේදී හිලරි ක්ලින්ටන් නියෝජනය කළ ඩිමොක්‍රටික් පක්ෂයේ මෙන්ම ඇගේ ප්‍රධාන සහායකයාගේ ඊමේල් පණිවුඩ හැක් කිරීම සම්බන්ධයෙන් රුසියාව චෝදනා ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

එහිදී, පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ඇමෙරිකානු රජය විසින් රුසියාව වෙත චෝදනා එල්ල කරමින් කියා සිටියේ ඔවුන් ඇමෙරිකානු මැතිවරණයට අනවශ්‍ය බලපෑමක් සිදුකළ බවයි.

මේ අතර, රුසියාව හිතමතාම ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සහාය දැක්වීමේ බලාපොරොත්තුවෙන් මෙවැනි අතපෙවීමක් සිදුකර ඇති බව සී.අයි.ඒ. වාර්තාවක් දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතද විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් නව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සයිබර් ප්‍රහාර සඳහා රුසියානු රජය වගකිව යුතු බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇතැයි වදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top