nsb

Dec 11, 2016

තුර්කියේ බෝම්බ දෙකක් පුපුරයි : 29ක් මරුට

තුර්කියේ, ඉස්තාම්බුල් නුවර පාපන්දු ක්‍රීඩාංගණයක් අසල සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 166 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

මෙම පිපිරීම් දෙක කාර් බෝම්බයක් හා පොලීසිය ඉලක්ක කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.

ප්‍රහාරයෙන් පසුව වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවටද වාර්තා පලව තිබේ.

මේ පිපිරීම් සිදුව ඇත්තේ බේසික්ටාස් ක්‍රීඩාගංණයෙන් ක්‍රීඩා ලෝලීන් ඉවත්ව පැය දෙකකට පමණ පසුවය

මේ ප්‍රහාරයද අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ප්‍රහාරයක් විය හැකි බවට විශ්වාස කෙරේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top