Dec 14, 2016

ජාතික ගීය අතර ඉඳගෙන සිටියාට අත්අඩංගුවට

ජාතික ගීයට හිටගැනීමට අපොහොසත් වූ පුද්ගලයන් 12ක් ඉන්දියාවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිවන්ද්‍රම් නගරයේ පැවති ජාත්‍යන්තර සිනමා උළෙලකිනි.

රජයේ සේවකයෙකු විසින් ලබාදුන් නියෝගයක් පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන් අනෙක් පුද්ගලයන් හට කරදරයක් සිදුකිරීම යන චෝදනා ලැබූ මොවුන් පසුව නිදහස් කර තිබේ.

මේ අතර, පසුගිය ඉරිදා දිනයේදීද චෙන්නායි නුවර සිනමාහලකදී ජාතික ගීය වාදනය කෙරුණු අවස්ථාවේදී අසුනෙන් නොනැගිට සිටි පුද්ගලයන් අටදෙනෙකුට පහර දී ඇති බවද වාර්තා වේ. ඔවුන්ට එරෙහිව ජාතික ගීයට ගරු නොකිරීම යන චෝදනා ගොනු කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉන්දියාවේ සිනමාහල් වල සියළු චිත්‍රපට තිරගත කිරීමට පෙර අනිවාර්යයෙන්ම එරට ජාතික ගීය වාදනය කළ යුතු බවත් ඒ අවස්ථාවේදී චිත්‍රපටය නැරඹීමට රැස්ව සිටින පිරිස සිය අසුන් වලින් නැගිට සිටි යුතු බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාසයේදී නියෝග කළ අතර, මේ සමග ඉහත සඳහන් සිද්ධි වලට සමාන සිදුවීම් ගණනාවක් ම වාර්තා වී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top