Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 16, 2016

අලෙප්පො වැසියන් ඉවත්කරගැනීමේ මෙහෙයුම් දිගටම

දරුණු සටන් පවතින සිරියාවේ නැගෙනහිර අලෙප්පෝ කලාපයෙන් සාමාන්‍ය වැසියන් ඉවත් කිරීමේ මෙහෙයුම් දිගින් දිගටම සිදුකරගෙන යමින් පවතින බව වාර්තා වේ.

මෙම මෙහෙයුම ආරම්භ කෙරුණු ඊයේ දිනයේදී පුද්ගලයන් 3,000ක් පමණ නගරයෙන් පිටතට රැගෙන ගොස් තිබුණද, තවත් 50,000ක් පමණ නගර තුළ කොටු වී සිටින බව එක්සත් ජාතීන් ගේ සංවිධානය පවසයි.

බදාදා වන විට අලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයෙන් සාමාන්‍ය වැසියන්ට සහ සන්නද්ධ කැරලිකරුවන්ට ඉවත් වීමට නිවේදන නිකුත් කොට තිබුණ ද එදිනට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබූ සටන් විරාමය බිඳ වැටීම හේතුවෙන් සාමාන්‍ය වැසියන් ඉවත් කිරීමේ මෙහෙයුම් කඩාකප්පල් විය.

වසර හතරක දරුණු සටන් වලින් අනතුරුව පසුගිය සතියේ අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් අත පැවති ප්‍රදේශ සියල්ල සිරියානු රජයේ හමුදා විසින් නැවත අත් පත් කර ගනු ලැබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top