nsb

Dec 19, 2016

IS බෝම්බයට සොල්දාදුවන් 48ක් බිලි

යේමනයේ දකුණු දිග කලාපයේ පිහිටි ඇඩෙන් වරාය නගරයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් හතළිස් අට දෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ.

ප්‍රහාරයට ලක් වී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.

හමුදා කඳවුරක් අසල සිය වේතන ලබා ගැනීම සඳහා පෙළ ගැසී සිටි සෙබළුන් පිරිසක් ප්‍රහාරයේ ඉලක්කය බවට පත් වී තිබේ.

මෙම ප්‍රහාරයේ වගකීම IS සංවිධානය විසින් භාරගෙන තිබේ.

යේමනයේ හමුදා සාමාජිකයන් ඉලක්ක කරමින් මෑත කාලය තුළ ප්‍රහාර මාලාවක් දියත් විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top