Dec 20, 2016

බර්ලින් නත්තල් සිරිය ලෙයින් තෙත් වේ

ජර්මනියේ බර්ලින් අගනුවර පැවති නත්තල් පොලක් මැදින් ලොරියක් කඩාගෙන යාම හේතුවෙන් 12 දෙනෙකු මියගොස් තවත් 48 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම නත්තල් පොල බර්ලිනයේ Breitscheidplatz හි පිහිටා ඇති අතර, මෙම සිද්ධිය අනතුරක්ද ප්‍රහාරයක් ද යන්න නිර්නය කර ගැනීමට තවදුරටත් පරීක්ෂණ සිදුකෙරිමින් පවතී.

මෙම ලොරිය පෝලන්තයේ වැඩපොලකින් සොරකම් කර ඇති බව මේ වන විට තහවුරු වී ඇති අතර, ලොරියේ ගමන් කරමින් සිටි පෝලන්ත ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීට අමතරව, මෙම ලොරිය පැදවූ බවට සැකකරන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි ද එරට පොලිසිය වැඩිදුරටත් පවසයි.

මෙය ප්‍රහාරයක් බවට පැවසිය හැකි බොහෝ කරුණු දිස්වන නමුත්, නිල වශයෙන් මෙම ප්‍රහාරයක් ලෙස නම් කිරීමට තමා කටයුතු නොකරන බව ජර්මනියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබේ.

කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, ජර්මන් අගනුවර ක්‍රිස්තියානු භක්තිකයන් ‘ඝාතනය’ කිරීම සම්බන්ධයෙන් ‘ඉස්ලාමීය ත්‍රස්තවාදීන්’ වෙත වරද පටවන බව ට්විටර් පණිවිඩයක් ඕස්සේ පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top