Dec 27, 2016

වේගයට අධිපති වේගයෙන්ම වඳවී යන ලකුණු

ගොඩබිම වෙසෙන වේගවත්ම සත්ත්වයා ලෙස සැලකෙන චීටා වඳවී යාමේ තර්ජනයට මුහුණදෙන බව පරිසරවේදීන් අනතුරු අඟවා තිබේ.

මේ වන විට ස්වභාවික පරිසරයේ ඉතිරිව ඇත්තේ චීටා සතුන් 7,100ක් පමණ බව නව අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ.

ඉන් අඩක්ම ජීවත් වන්නේ අප්‍රිකාවේ රටවල් 6ක් ඔස්සේ පිහිටුනු පුළුල් කලාපයකි. මේ වන විට ආසියාවේ චීටා සතුන් වඳවී ගොස් අවසන් වන අතර, ඉරානයේ වෙසෙන චීටා සතුන් පිරිස 50කටත් අඩු බව පරිසරවේදීන් සඳහන් කරයි.

චීටා සතුන් ඉතා පුළුල් කලාපයක් ඔස්සේ ගමන් කරන අතර, ඉන් 77%ක් පමණ වැටී ඇත්තේ රක්ෂිත වනෝද්‍යාන වලට පිටතිනි. මේ අනුව, ඉඩම් සංවර්ධනය හා දඩමස් වෙළඳාම වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන් ගේ පැවැත්මට එල්ල වන්නේ බලවත් තර්ජනයකි.

තවද, මැදපෙරදිග කලාපයේ ඉහළ ඉල්ලුමක් ඇති චීටා පැටවුන් සඳහා කළුකඩ වෙළඳුන් අතර ඉහළ ඉල්ලුමක් පවතියි. චීටා පැටවෙකු මෙම වෙළඳපොලේ විකිණෙන්නේ ඇමෙරිකානු ඩොලර් 10,000කට පමණ මුදලකටය. කෙසේවෙතත්, මෙලෙස අල්ලා ගන්නා පැටවුන් 85%ක් පමණ මියයන බව පරිසරවේදීන් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top