Dec 30, 2016

සූ කී, නොබෙල් ත්‍යාගලාභීන් ගේ විවේචනයට

මියන්මාර හමුදා විසින් රෝහින්ග්‍යා සුළු ජාතීන් වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් මියන්මාර දේශපාලන නායිකා අවුන් සාන් සූ කී නොබෙල් ත්‍යාගලාභීන් පිරිසක් ගේ විවේචනයට ලක් ව තිබේ.

රදගුරු ඩෙස්මන්ඩ් ටුටූ හා මලාලා යූසුෆ්සායි ඇතුළු නොබෙල් ත්‍යාගයෙන් පිදුම්ලත් ක්‍රියාධරයන් 23 දෙනෙකු විසින් මේ පිළිබඳව විවෘත ලිපියක් එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට යොමු කර තිබේ.

මනුෂත්වයට එරෙහිව අපරාධ හා වර්ගඝාතනය වැනි ඛේදවාචකයකට මෙය තුඩුදෙනු ඇති බව ඔවුන් අනතුරු අඟවා තිබේ.

එල්ල වූ ප්‍රහාර හමුවේ රෝහින්ග්‍යා සුළු ජාතීන් 50,000ක් බංගලාදේශය වෙත පළාගොස් ඇතැයි බංගලාදේශය නිවේදනය කිරීමත් සමග මෙම ලිපිය යොමු කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top