nsb

Jan 02, 2017

ඉස්තාන්බුල් ඝාතකයා අල්ලන්න මෙහෙයුමක්

තුර්කියේ ඉස්තාම්බුල් නුවර පිහිටි 'රෙයිනා' රාත්‍රි සමාජ ශාලාවට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් 39 දෙනෙකු ඝාතනය කළ තුවක්කුකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් මෙහෙයුමක් දියත් කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය වසර තුළදී තුර්කියේ ත්‍රස්ත ප්‍රහාර දෙකක් සිදුකළ IS සංවිධානය මෙම ප්‍රහාරය පසුපස ද සිටින බවට සැකකෙර්.

තුර්කියේ ජන ජීවිතය වියවුල් කිරීමට මෙවැනි කණ්ඩායම් උත්සාහ ගන්නා බව ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුර්කි ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් කියා සිටියි.

මේ අතර, මෙම ප්‍රහාරය පසුපස නොසිටින බවත් තමන් කිසිදිනක අහිංසක සිවිල් වැසියන් ඉලක්ක නොකරන බවත් තුර්කියේ තහනමකට ලක්ව තිබෙන කුර්දිස්තාන් කම්කරු පක්ෂය පවසා තිබේ.

තුවක්කුකරු හුදකලාව පැමිණ ඇතැයි විශ්වාස කෙරෙන අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකවන බව එරට බලධාරීහු කියා සිටියහ.

'රෙයිනා' රාත්‍රි සමාජ ශාලාවට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් මියගිය අඩක්ම විදේශිකයන් බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සනාථ කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top