15976 BM WEB BANNER 01
Jan 03, 2017

අවු. 18ක් බඩේ තිබ්බ කතුරක් අරං

වසර 18ක් පුරාවටම පුද්ගලයෙකුගේ උදරයේ තිබුණු ශල්‍යකර්මවලදී භාවිතා කරන ලද කතුරක් ඉවත්කිරීමට වියට්නාමයේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ උතුරු වියට්නාමයේ Thai Nguyen පළාතෙනි.

මාර්ග අනතුරකට ලක්වූ 54 වියේ පසුවන්නෙකු රෝහල්ගතකිරීමෙන් පසුව ඔහුගේ උදරයේ තිබුණු මෙම උපකරණය සොයාගෙන තිබේ.

මෙම සිද්ධියට මුහුණ දී ඇති Ma Van Nhat පවසන්නේ වසර 1988දී සිදුවූ තවත් රිය අනතුරක් හේතුවෙන් මොහුට සිදුකළ ශල්‍යකර්මයකදී මෙම කතුර ඔහු ගේ උදරය තුළ ඉතිරි වන්න ඇති බවයි.

කෙසේ වෙතත්, වේදනා නාශක වලට ප්‍රතිචාර නොදැක්වූ උදර වේදනාවක් මෑතකදී සිට ඇති වූ බවත්, ඊට හැර වෙන කිසි අපහසුතාවක් ඇති නොවුනු බවද ඔහු කියයි.
සඳහා රටපුරා සිටින විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් ඒ සඳහා සහභාගී වී ඇති බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top