Jan 05, 2017

බැංගලෝර් ලිංගික හිංසනය : 6ක් මාට්ටු

දෙසැම්බර් 31 දින රාත්‍රියේදී ඉන්දියාවේ බැංගලෝර් නගර මධ්‍යයේ සිදුවූ නව වසර සැමරුම් අතරතුරදී කාන්තාවන්ට ලිංගික හිංසා සිදකළ බවට චෝදනා මත සය දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් නිල පැමිණිලි ලැබී නැති බවට පවසමින් ඉන්දීය පොලිසිය විසින් මෙම චෝදනා මුලින් වැඩි තැකීමකට ලක් නොකළ නමුත්, එවැන්නක් සිදුවූ බවට සාක්ෂි CCTV දර්ශන වල ඇතැයි පසුව පිළිගෙන තිබුණි.

මෙම සිද්ධියේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක්වීමත් සමග ඊට එරෙහිව විශාල ජනරැල්ලක් ඇතිවිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top