Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 11, 2017

ඔබාමා සමුදෙයි

ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නා මෙන් ජනපති බැරක් ඔබාමා ඇමෙරිකානු ජාතිකයන්ගෙන් අද ඉල්ලා සිටියේය.

ඒ, ඇමෙරිකානු ජනාධිපති ධුරයෙන් සමුගැනීමට පෙර චිකාගෝ හිදී සිදුකළ සමුගැනීමේ කතාව අතරතුරදීය.

මීට වසර අටකට පෙර තමා බලයට පැමිණෙන විට පැවති තත්ත්වයට වඩා මේ වන විට අමෙරිකාව වඩා යහපත් හා ශක්තිමත් ස්ථානයක් බවට පත් වී ඇතැයි ඔහු පැවසීය.

‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම තේරුම් නොගන්නා සෑම විටකදීම ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට ලක්වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

අනෙකා ගේ දෘෂ්ටිකෝණයෙන් දේවල් දෙස බලන ලෙසත් අනෙකාට ඇහුම්කන් දෙන ලෙසත් ඔහු සියළු ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔබාමාගේ අවසන් දේශණය සිදුවන අවස්ථාවට ඔහුගේ පාක්‍ෂිකයන් විශාල පිරිසක්ද ජනපති ආර්යාව වන මිෂෙල් ඔබාමා හා ඔවුන්ගේ වැඩිමහල් දියණිය වන මලීයා ද එක්ව සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන බැරැක් ඔබාමා, පළමුවරට බලයට පත්වූයේ 2008 දී ය. මේ වන විට මීළඟ ඇමරිකානු ජනපතිවරයා ලෙස තේරී පත්වී ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 දා දින දිවුරුම් දීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top