Jan 13, 2017

විවිධත්වය අගයන්න තලප්පාව බැඳි නගරාධිපති (වීඩියෝ)

සික් ජාතිකයන් ගේ සංකේතයක් වන තලප්පාව කැනේඩියානු නගරාධිපතිවරයෙකුගේ හිසමත පැළඳවීමේ අපූරු වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබේ.

කැනඩාවේ යුකෝන් ප්‍රදේශයේ අගනුවර වන වයිට්හෝස් හි නගරාධිපතිවරයා වන ඩෑන් කර්ටිස් ගේ හිසට  තලප්පාවක් පළඳන්නේ ගුර්දීප් පන්ධර් නම් කැනඩාවේ ලේඛකයෙකි.

ඔහු විසින් මෙම වීඩියෝව සාදා ඇත්තේ විවිධත්වය ප්‍රවර්ධනය කිරීමටත්, විවිධ චාරිත්‍ර හා විශ්වාසයන් මිනිසුන් දුරස් නොවිය යුතුබවටත් පෙන්වීමටය.

පියවරෙන් පියවර නගරාධිපතිවරයා ගේ හිස මත තලප්පාව එතීමෙන් අනතුරුව දෙදෙනා ම භංගරා නර්තනයේද නිරත වේ.

මෙහිදී කර්ටිස් මහතා අදහස් දක්වන්නේ මෙලෙසයි. “අප නගරයට, ප්‍රදේශයට හා රටට විවිධත්වය ගෙන ඒම පිළිබඳව බෙහෙවින් ස්තූතියි. ඔබ වැනි පුද්ගලයන් නිසාවෙන්, මෙම අපූරු චාරිත්‍ර හේතුවෙන් අප නගරය, ප්‍රදේශය හා දේශය වඩාත් ශක්තිමත් වන බව මා තරයේ විශ්වාස කරනවා.”

මෙම අපූරු වීඩියෝව පහතින් නරඹන්න.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top