nsb

Jan 17, 2017

31දා තුර්කි ප්‍රහාරයේ සැකකරු අත්අඩංගුවට

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි 'රෙයිනා' රාත්‍රී සමාජ ශාලාවට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

අබ්දුල්කාදිර් මෂාරිපොව් (Abdulkadir Masharipov) නම් ඔහු උස්බෙගිස්තාන ජාතිකයෙකි.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉස්තාන්බුල් අගනුවර Esenyurt දිස්ත්‍රික්කයේ දී ය.

'රෙයිනා' රාත්‍රි සමාජ ශාලාවට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් මියගිය අඩක්ම විදේශිකයන් ය.

සබැඳි පුවත් :
ඉස්තාන්බුල් ඝාතකයා අල්ලන්න මෙහෙයුමක්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top