Jan 20, 2017

'ජල්ලිකට්ටු' තහනමට එරෙහිව අදත් විරෝධතා

'ජල්ලිකට්ටු' තරගය පැවැත්වීම වළක්වාලමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගය ඉවත්කරන මෙන් ඉල්ලා තවදුරටත් ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ දැවැන්ත විරෝධතා පැවැත්වේ.
මෙලෙස මෙම විරෝධතා ක්‍රියාත්මක වන්නේ සිවුවැනි දිනටයි.
 
විරෝධතාකරුවන් තහනම හඳුන්වාදෙනු ලබන්නේ දෙමළ සංස්කෘතියට එල්ලවූ ප්‍රහාරයක් ලෙසිනි.
 
ගවයකු පසුපස හඹාගොස් පොරබැදීම 'ජල්ලිකට්ටු' තරගයේදී සිදුවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top