Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 24, 2017

ට්‍රම්ප්, TPP ගිවිසුම අවලංගු කරයි

සිය ඡන්ද ව්‍යාපාරයේදී පොරොන්දුවූ පරිදි ඇමරිකාව ඇතුළු රටවල් 12ක් අත්සන් තබා ඇති පැසිෆික් වෙළෙඳ ගිවිසුම (TPP) අවලංගු කිරීමට ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

ඒ, සිය විධායක බලතල භාවිතා කරමිනි.

මෙම ගිවිසුම, හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ගේ ආසියානු ප්‍රතිපත්තියේ ප්‍රධාන කොටසක් විය.

තවද, විදෙස් රටවල ගබ්සා කිරීම් සිදුකරන ජාත්‍යන්තර සංවිධාන සඳහා වූ අරමුල් කපාහැරීමට හා හමුදා නොවන ෆෙඩරල් සේවකයන් බඳවා ගැනීම ද සීමාකිරීමට ඔහු විධායක බලතල භාවිතා කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top