nsb

Jan 25, 2017

රටවල් 7 කට ඇමරිකාව තහනම්

ඇමරිකාවේ ජාතික ආරක්ෂාව තර කිරීම පිණිස ඉරානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය, සුඩානය හා සෝමාලියාව යන රටවල පුද්ගලයින්ට ඇමරිකාවට ඇතුළුවීම ද තහනම් කිරීමට ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර තිබේ.

අනවසර සංක්‍රමණිකයන්ට එරටට ඇතුළුවීමට නොහැකි අයුරින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ට්‍රම්ප් මහතා තීරණය කර ඇත.

ඒ අනුව, සංක්‍රමණිකයන් සීමාකිරීම සහ රටේ ආරක්‍ෂාව සහතික කෙරෙන විධායක නියෝග කිහිපයකට ජනාධිපති ට්‍රුම්ප් මහතා අත්සන් තැබීමට නියමිතව ඇත.

ඔහුගේ මැතිවරණ පොරොන්දු අතරට ද මෙය එකතුවී තිබිණි.

ට්‍රම්ප් ‘තාප්පයට’ සැරසෙයි !

ඇමරිකාව සහ මෙක්සිකෝව අතර වූ දේශසීමාව ඔස්සේ තාප්පයක් බැඳීම ඇතුළුව ජාතික ආරක්ෂාව පිළිබඳව 'තීරණාත්මක දිනයක්' වෙනුවෙන් සැලසුමක් තමන් සතුව පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

දේශ සීමාව හරහා තාප්පයක් බැඳීම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය තුළ ජනතාව වෙත ලබාදුන් ප්‍රධාන පොරොන්දුවලින් එකක් ලෙස සැළකේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top