Jan 27, 2017

පෝචිචි වල යළි ඉපදෙන පත්තරේ (වීඩියෝ)

පුවත්පත් යනු තවමත් ලොවපුරා ජනප්‍රියතම පුවත් මාධ්‍යක් වුවත්, ඒවායේ ජීවිතකාලය බොහෝවිට අවසන් වන්නේ කූණුකූඩයෙනි.

ලංකාවේ නම් පුවත්පත් අවසන් වන්නේ දිවා බත්පත එතීමෙන් හෝ බෝතල්-පත්තර වෙළෙන්දාට ලබාදීමෙනි.

බොහෝ රටවල පුවත්පතක දිවිය මේ අයුරින් අවසන් වන විට, මෙම  ඉරණම වෙනස් කරමින් නව ජීවයකට පණදෙන පුවත්පතක් පිළිබඳව ජපානයෙන් වාර්තා වේ.

‘මයිනිචි’ නම් මෙම පුවත්පතේ විශේෂත්වය වන්නේ එය මුද්‍රණය කර ඇති කඩදාසියේ මල් ඇට ද අඩංගු වීමයි.

එම නිසා පුවත් කියවීමෙන් පසුව එම පුවත්පතේ කොටස් පැල කර හැකිය.

මෙම පුවත්පත සඳහා යොදාගෙන ඇති තීන්ත එළවළු වලින් සාදා ඇති බැවින් එයද පොහොර ලෙස පසට එකතු වේ.

මෙලෙස කුඩා මල්පෝච්චි වල යළි ඉපදෙන ‘මයිනිචි’ පුවත්පතේ සොඳුරු කතාව රැගත් වීඩියෝවකි මේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top