Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 30, 2017

සංක්‍රමණික තහනම : නිෂා බිස්වාල් කනස්සල්ලෙන්

ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දිරාපත් වෙමින් යන ආකාරය දැකීමෙන් සංක්‍රමණිකයෙකු වන තමා දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකාවේ හිටපු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය පවසයි.

ඇය මෙලෙස පවසා තිබුණේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

Nishatweet

“වයස හයේදී ඇමරිකාවට පැමිණ දකුණු සහ මධ්‍යම ආසියාතිකරය පිළිබඳ ඇමරිකාවෙන් පත් වූ පළමු සහකාර ලේකම්වරිය වන මා, අද ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දිරාපත් වෙමින් යන ආකාරය දැකීමෙන් දැඩි කනස්සලට හා කම්පනයට පත්වී තිබෙනවා,” යැයි ඇය පවසා තිබේ.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව නිෂා බිෂ්වාල් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය වන සැමන්තා පවර් ඉවත්කර තිබේ.

‘මුස්ලිම් තහනමක්’ නෙමෙයි
මේ අතර, රටවල් 7කින් ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් තහනම් කිරීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීන්දුවට එරෙහිව විරෝධතා තවදුරටත් පැවැත්වේ.

මේ සම්බන්ධ විධායක නියෝගයට පසුගිය සිකුරාදා දින ට්‍රම්ප් ජනපතිවරයා විසින් අත්සත් තැබුණි.

මෙම නියෝගය මගින් ඇමෙරිකාවේ සංක්‍රමණික වැඩසටහන දින 120කට නවතා දැමුණු අතර, සිරියානු සංක්‍රමණිකයන් සඳහා දින නියමයක් නොමැති තහනමක් ද, මුස්ලිම් බහුතරයක් ඇති රටවල් 7ක ජාතිකයන් සඳහා තහනමක් ද පනවන ලදී.

මෙය ‘මුස්ලිම් තහනමක්’ බවට කර ඇති චෝදනා බැහැර කරන ට්‍රම්ප් පවසා ඇත්තේ දැඩිකරන ලද ආරක්ෂක ප්‍රතිපත්ති මත වීසා බලපත්‍ර යළි නිකුත් කරනු ඇති බවයි.

මෙම විධායක නියෝගය ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රාන්ත 16ක නීතිපතිවරුන් පවසා ඇති අතර, වීසා බලපත්‍ර හිමි පුද්ගලයන් රටින් පිට කිරීම තාවකාලිකව අත්හිටුවීමට ෆෙඩරල් විනිසුරුවන් කිහිපදෙනෙකුම කටයුතු කර ඇත.

විරෝධතා දිගටම
මෙම විධායක නියෝගයට එරෙහිව ඇමෙරිකාව පුරා ඇති ගුවන්තොටුපලවල් හමුවේ විරෝධතා පැවැත්වෙන අතර, විපතට පත්වූවන් සඳහා සිය සේවාවන් නොමිලේ ලබාදීමට නීතිඥයන් ඉදිරිපත්වී සිටියි.

ඊයේ දිනයේදී ද ධවල මන්දිරය ඉදිරිපිටදී හා නිව් යෝක් නගරයේ ට්‍රම්ප් ටවර්ස් ඉදිරියේදී විරෝධතා පැවැත්වුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.


සබැඳි පුවත් :
නිෂා බිෂ්වාල් සහ සැමන්තා පවර් ඉවතට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top