Jan 31, 2017

විශ්ව රූ රැජින ප්‍රංශ රූමතියක්

අවසාන ප්‍රශ්නය; ඔබ වැඩියෙන්ම කැමති මොනවටද? 

මම වැඩියෙන්ම කැමති සංචාරය කරන්නයි, පැරෂුට් පැනුම්වලටයි, සම්ප්‍රධායික ප්‍රංශ කෑම උයන්නයි.

රූමතියන් පිරුනු ශාලාවේ දැඩි අත් පොලසන් හඬ මධ්‍යයේ 2016 විශ්ව රූ රැජින ලෙස ජයගත් ප්‍රංශ ජාතික 24 හැවිරිදි ඉරිස් මිතෙනේර් ප්‍රරංශ රූප සුන්දරියගේ අභිෂේක මංගල්‍යයේ අවසාන පිලිතුර වුයේය.

හැටපස්වැනි විශ්ව රූ රැජින අභිෂේක මංගල්‍යය පසුගිය 30 වැනිදා රාත්‍රියේ පිලිපීනයේ මැනීලා නුවරදී මහා ඉහලින් පැවැත් විණි.

රටවල් 86 ක රූමතියන් මෙම තරඟයට සහභාගි ව සිටියහ.

අවසාන තිදෙනා වූ ප්‍රංශ ජාතික ඉරිස් මිතෙනේර්, හයිටි ජාතික රැකුවෙල් පෙලිසියෙර් හා කොලොම්බියා ජාතික අන්ඩ්‍රේයා ටොවාර් රූමතියන් අතර තරඟයෙන් ප්‍රංශය හා හයිටිය තේරී පත්වී අවසානයේ ප්‍රංශයේ රූමතිය වන ඉරිස් මිතෙනේර් 2016 ලෝක රූ රැජින ලෙස තෝරා පත් කර ගත්තේය.

විශ්ව රූ රැජිනක් වූ දෙවැනි ප්‍රංශ තරුණිය ඇයයි.

ප්‍රංශයට මෙවැනි ඓතිහාසික අවස්ථාවක් හිමි වුයේ මීට වසර 64 කට පසුවය.

මින් පෙර ප්‍රංශ ජාතික ලොරෙන් ක්‍රිස්ටීන් මාර්ටෙල් 1953 දී විශ්ව රූ රැජින ලෙස ජය ගෙන ඇත්තේය.

ප්‍රංශයේ අගනුවර පැරිසියේ සිට කි:මී: 250 ක් උතුරු දිග ප්‍රංශයේ පිහිටි ලීල් නගරයේ උපත ලබා ඇති 24 හැවිරිදි ඉරිස් මිතෙනේර් දන්ත වෛද්‍යවරයෙකු වීමට බලාපොරොත්තුවෙන් වර්තමානයේ සරසවියේ විද්‍යා අංශයේ අධ්‍යාපනය ලබන්නේය.

2015 දී උතුරු දිග ප්‍රංශයේ එක් පලාතක රූප සුන්දරියක් ලෙස ජයගත් ඇය, 2016 දී ප්‍රංශයේ රූප සුන්දරිය නොහොත් මිස් ෆාරාන්ස් ලෙස කිරුළ පැළඳීය.

මෙවර ජයග්‍රහනයෙන් පසු 2015 වසරේ විශ්ව රූ රැජිනිය වූ පිලිපීන ජාතික පියා අලොන්ෂෝ විසින් නව රූමතියට කිරුළ පැළඳවීය.

විශ්ව රූ රැජින තරගාවලිය ආරම්භ වූයේ 1952 දී නිව්යෝර්ක් නුවරදීය.

මේ තරගයට ඇතුළුවීමේ මූලික සුදුසුකම්වන්නේ එක් එක් රටවල රූමත් වයස අවුරුදු 18 හා 26 අතර අවිවාහක, දරුවන් නොමැති කිසි දිනක නිරුවත් ඡායාරූප වලට පෙනී නොසිටි තරුනියක වීමය.

- සුනිල් ආනන්ද පැරීසියේ සිට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top