nsb

Feb 02, 2017

තායි රජයේ ‘මාධ්‍ය බලපත්‍රයට’ විරෝධය

සෑම මාධ්‍යවේදියෙකුම රජය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් ලබාගත යුතු බවට නීතියක් සම්මත කිරීම සඳහාවූ යෝජනාවකට තායිලන්ත මාධ්‍ය ආයතන විරෝධය පළ කරති.

රජයේ ප්‍රමිතී කඩකරන මාධ්‍ය ආයතනවලට දඬුවම් කළ හැකි මණ්ඩලයක් පිහිටුවීමට ද එමගින් යෝජනා වී තිබේ.

වසර තුනකට පෙර හමුදා විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයකින් බලයට පත්වී රාජ්‍ය ප්‍රතිශෝධන කටයුතු කරමින් සිටින රජයට සම්බන්ධ කණ්ඩායමක් වෙත මෙම යෝජනාව යොමුකර ඇත.

මෙම යෝජනාවට විරෝධය පළකරමින් මාධ්‍යවේදීන් හතරදෙනෙකු එම කණ්ඩායමෙන් ඉවත්වී ඇති බව වාර්තාවේ.

සුපරීක්ෂාවෙන් බේරී සිටීම සඳහා, මාධ්‍ය පාලනය කිරීමේ වැඩි බලයක් මේ මගින් රජයවෙත ලැබෙනු ඇතිබවට ඔවුහු බිය පළ කරති.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top