nsb

Feb 06, 2017

ජෙයලලිතා මියගිය හේතු කියයි

තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරිය වන ජෙයලලිතා ජයරාම් හට අවසන් වරට ලබාදුන් රෝහල් ප්‍රතිකාර පිළිබඳව අද දින (06) වැඩිදුර විස්තර හෙළිදරව් විය.
මෙම විස්තර හෙළිදරව් කරනු ලැබුවේ ඇයට ප්‍රතිකාර කළ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයා වන රිචඩ් බීල් ඇතුළු ඉන්දීය වෛද්‍ය විශේෂඥයන් කිහිපදෙනෙකු විසිනි.
 
ඒ, තමිල්නාඩු ප්‍රාන්ත රජයේ මැදිහත්වීම සහිතව චෙන්නායි හි පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. 
 
සෙප්සිස්
වෛද්‍ය බීල් පවසා තිබුණේ ඇයව සෙප්සිස් රෝගය සමග රෝහලගත කරන විට ඇයට සිහිය තිබූ බවත්, එම අවස්ථාවේදී ඇයට මැනවින් සන්නිවේදනය කිරීමට හැකියාව පවති බවත් ය.
 
කෙසේ වෙතත්, අධික දියවැඩියාව හේතුවෙන් ඇගේ තත්ත්වය දරුණු වූ බවත්, පසුව ඇයව ශ්වසන අධාරක යන්ත්‍රයට දැමීමට සිදුවූ බවත් එහිදී හෙළිදරව් විය.
 
බද්ධ කිරීම්, අවයව කැපීම් නෑ
කෙසේ වෙතත්, කිසිඳු අවයව කපාදැමීමක් හෝ බද්ධ කිරීමක් සිදුනොවුන බවත්, බරපතල තත්ත්වයේ පසුවන ලෙඩුන් ගේ ඡායාරූප නොගැනීම සාමාන්‍ය ක්‍රමය බැවින් ඡායාරූප නොගත් බවත් එම වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසා ඇත. 
 
ජයලලිතා හට හමුවීමට අවශ්‍ය පුද්ගලයන් හමුවීමට ඇයට අවස්ථාව ලබාදුන් බවත් ඇගේ තත්ත්වය පිළිබඳව දිනපතා වාර්තා කළ බවත් ඔවුහු පැවසූහ.
 
ලප
ඇගේ කම්මුලෙහි වූ කුඩා ලපකැළල් ත්‍රිත්වය පිළිබඳව ඔවුන් පවසා ඇත්තේ බරපතල තත්ත්වයේ පසුවන  ඇතැම් ලෙඩුන් ගේ කම්මුල් වල මෙලෙස සිදුවන බවයි.
 
හෘදයාබාධය
කෙසේ වෙතත්, ප.ව. 5.00ට පමණ ඇයට හෘදයාබාධයක් ඇතිවුනු බවත්, ඇයට විනාඩි 20ක් පුරාවට පමණ හදවත් ස්ථම්බනය (CPR) ලබාදුන් බවත් හෘදස්පන්ධයක් නොලද බැවින් පැය 24 කාලයක් පුරාවට කෘතිමව ඇයව ජීවත් කිරීමට ECMO යන්ත්‍රයට සවිකළ බවත් වෛද්‍යවරුන් තවදුරටත් පැවසීය.
 
හෘදාබාධයට ලක්වන තෙක්ම ඇය කතාබහ කළ බවද මෙහිදී හෙළිදරව් විය.
 
මේ අතර, ඇයට සිදුකෙරුණු ප්‍රතිකාර සඳහා රෝහල් බිල රු. කෝටි 5 -5.5ක් අතර වන බවත් එම බිල්පත ජයලලිතා ගේ පවුලේ සාමාජිකයන් වෙත ලබාදීමට කටයුතු කර ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී සදහන් කෙරුණි.
 
(ද හින්දු ඇසුරෙනි)
 
 
 
 
 
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top