Feb 06, 2017

එලිසබත් රැජින සැෆයර් ජුබිලිය සමරයි

දෙවන එලිසබත් රැජින වසර හැටපහක කාලයක් රාජ්‍යත්වය හෙබැවූ පළමු බ්‍රිතාන්‍ය අධිරාජිනිය ලෙස ඉතිහාසයට එක් වූවාය.

මේ අනුව ඇය සමරන්නේ ඇගේ සැෆයර් ජුබිලියයි.

සිය පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවයෙනි පසුව 1952දී ඇය බ්‍රිතාන්‍යය රැජින ලෙස කිරුළු පැළඳුවාය.

වත්මන් ලෝකයේ දීර්ඝ කාලයක් සිහසුන දැරූ තායිලන්තයේ භූමිබෝල් අතුල්තේජ් රජතුමා පසුගිය වසරේ අභාවප්‍රාප්ත වීමන් අනතුරුව, දෙවන එලිසබත් රැජින ලොව දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ රැඳී සිටින රාජ්‍ය නායිකාව බවට පත්ව සිටින්නීය.

මෙම අවස්ථාව සනිටුවහන් කිරීම සඳහා සිය පියා විසින් විවාහ තිළිණයක් ලෙස ඇයට ලබාදුන් නිල්මැණික් ආභරණ කට්ටලයක් පැළඳ සිටින රැජිනගේ ඡායාරූපයක් යළිත් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ඡායාරූපය ගනු ලැබුවේ එරට ඡායාරූප ශිල්පියෙකු වන ඩේවිඩ් බේලි ය.

මේ අතර, දෙවන එලිසබත් රැජින ගේ සැෆයර් ජුබිලිය සැමරීමට ලන්ඩන් නුවර මෙන්ම කාඩිෆ්, එඩින්බරෝ හා යෝක් නගර වලද ආචාර වෙඩිමුර තබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

 93967658 hi037705540

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top