Feb 15, 2017

උ. කොරියානු නායකයාගේ සහෝදරයා මරයි

උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන්ගේ අර්ධ සහෝදරයෙකු වන කිම් ජොන්ග්-නම් මැලේසියාවේදී ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මකාව් වෙත පිටත්වීමට ක්වාලාලම්පූර් අගනුවර ගුවන්තොටුපොලේදී සිටින අතරතුරේදී ය.

ඔහුගේ ඝාතකයන් හඳුනාගැනීමට මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ආරක්ෂණ කැමරා වල පටිගත වූ දර්ශන වලට අනුව ඒ අවස්ථාවේදී ඔහු අසල සිටි කාන්තාවක් දෙදෙනෙකු කරා පොලිස් අවධානය යොමු වී ඇත.

ඝාතකයන් විසින් යම්කිසි ද්‍රාවණයකින් තෙත් කළ රෙදිකඩක් ඔහුගේ මුහුණට දමා ඇති බවත්, රෝහල්ගත කරන අතරතුරේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඒජන්සි වාර්තා සඳහන් කරයි. මොහු මියගොස් ඇත්තේ විෂ ශරීරගතවීමෙන් බව පැවසේ.

ඔහු ගමන් කර ඇත්තේ වෙනත් නමක් සහිත විදේශ ගමන් බලපත්‍රයකින් වුවද, මේ ආකාරයෙන් මියගොස් ඇත්තේ කිම් ජොන්ග්-නම් බව දකුණු කොරියාව මේ වන විටත් සනාථ කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top