nsb

Feb 20, 2017

‘මුගාබේ ගේ මිනියටත් ඡන්දෙ ලැබෙයි’

රොබර්ට් මුගාබේ වන සිය සැමියා කෙතරම් ජනප්‍රියදැයි කිවහොත් ලබන වසරේ මැතිවරණය වන විට ඔහු මියගොස් සිටියත් මළමිනියක් ලෙස වුවද ඔහුට ඡන්දයට ඉදිරිපත් වී ඡන්ද ලබාගත හැකි බව සිම්බාබ්වේ හි ජනපති ආර්යාව පවසයි.

පනස් එක් හැවිරිදි ග්‍රේස් මුගාබේ මේ බව පවසා තිබුනේ සිම්බාබ්වේ හි පාලක පක්ෂය වන සානු - පී එෆ් (Zanu-PF) පක්ෂයේ රැළියක් අමතමිනි.

රොබට් මුගාබේ 1980 වසරේ පටන් සිම්බාබ්වේ ජනාධිපතිවරයා වශයෙන් බලයේ සිටියි.

“මුගාබේගේ මරණය දෙවියන් තීරණය කළ දවසක, අප ඡන්ද අපේක්ෂකයා ලෙස ඔහුගේ මෘතදේහය ඡන්ද පත්‍රිකාවට ගෙන එන්න කටයුතු කරනවා. මුගාබේගේ මළසිරුරට ත් ජනතාව ඡන්දය ලබාදෙන හැටි ඔබට දැකගන්න පුළුවන් වෙවි. මම විහිළුවට නෙවෙයි කියන්නේ… ජනතාව කොච්චර ඔවුන්ගේ ජනාධිපතිවරයාට ආදරෙයි ද කියලා ඇතැමුන්ට පෙන්නන්න,” යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top