nsb

Feb 22, 2017

නියපොත්තක ඉඳගන්න පුළුවන් ගෙම්බෝ

මිනිස් නියපොත්තක් මත පහසුවෙන් ඉඳගත හැකි තරම් කුඩා ගෙඹි විශේෂ 4ක් ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

වනාන්තර බිම් වල සිටින මෙම ගෙම්බන්, රාත්‍රියේ දී කෘමින් ගේ හඬට සමාන හඬක් නගන බවත් ලොව හමුවී ඇති කුඩාම ගෙඹි විශේෂ වලට අයත් වන බවත් පැවසේ.

මීට වඩා තරමක් විශාල ගෙඹි විශේෂ තුනක් ද සොයාගෙන ඇති අතර, මේ අනුව, බටහිර ඝාට්ස් ප්‍රදේශයෙන් හමුවූ රාත්‍රී  ගෙඹි විශේෂ ප්‍රමාණය 7කි.

මෙම නව විශේෂ සොයාගෙන ඇත්තේ කේරළ හා තමිල්නාඩු ප්‍රදේශ වල වනාන්තර තුළ වසර කිහිපයක් පුරාවට කළ ගවේෂණයකින් අනතුරුවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top