Feb 24, 2017

රස්නෙට කොණ්ඩෙ පාට වෙනස් කරන ඩයි එක (වීඩියෝ)

ඔබත් හිසකෙස් විලාසිතා වලට කැමැති කෙනෙක්ද? එසේ නම් මෙය ඔබට සුභ ආරංචියක් වනු ඇත.

ඩයි යොදාගෙන සාමාන්‍යයෙන් හිසකෙස් වර්ණගන්වන්නේ නිශ්චිත වර්ණයකට හෝ වර්ණ කිහිපයකින් දිස්වීමටයි. එහෙත් වර්ණගැන්වීම අවසන් වූවාට පසුවද දිගින් දිගටම හිසකෙස් වර්ණය වෙනස් වන ඩයි වර්ගයක් මේ වන විට නිපදවා තිබේ.

මෙම ඩයි වර්ගය අවට පරිසරයේ උෂ්ණත්වය හා ප්‍රතික්‍රියා කිරීමෙන් මෙලෙස වර්ණ වෙනස්වීම සිදුවේ.

ෆයර් ලෙස නම් කර ඇති මෙම ඩයි වර්ගය Unseen නැමැති සමාගමක් විසින් නිපදවා තිබේ.

semi-permanent ඩයි වර්ගයක් වන මෙය, හිසකෙස් කිහිප වරක් සෝදාහැරීමේදී නැති වී යයි.

කෙසේ වෙතත්, මෙම නිෂ්පාදනය වෙළඳපොලට එක්කිරීමට Unseen සමාගම විසින් තවමත් වාණිජ හවුල්කරුවන් සොයමින් සිටියි.

මෙම ඩයි වර්ගය පිළිබඳ වීඩියෝවකි මේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top