nsb

Feb 25, 2017

'කිම් ජොන් නාම් මරන්න ගාස්තුව ඩොලර් 90 යි'

උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් ගේ සහෝදර කිම් ජොන් නාම් ඝාතනය සම්බන්ධයෙන් මැලේසියානු පොලිසිය විසින් ඉන්දුනීසියානු කාන්තාවක් අත්අඩංගුවට ගනුලැබ ඇති අතර ඝාතනයට හවුල්වීම වෙනුවෙන් තමාට ඇමෙරිකානු ඩොලර් අනූවක් ගෙවූ බව එම කාන්තාව පවසයි.

තමා ඊට හවුල්වුණේ එම කාර්යය මගින් කිසිවකුට හාණියක් සිදු නොවනු ඇතැයි යන විශ්වාසයෙන් බවත් එම කාන්තාව ප්‍රකාශ කොට ඇත.

කොරියානු හෝ ජපන් ජාතිකයකුගේ පෙනුමැති පුද්ගලයන් දෙදෙනෙක් ළදරුවන් සඳහා පාවිච්චි කරන ආකාරයේ තෙලක් වැනි දියරයක් තමාට දුන් බව සිති ආයිසා (Siti Aisyah)නම් එම කාන්තාව ඇය හමුවූ ඉන්දුනීසියානු තානාපති නිලධාරීන්ට සඳහන් කළාය.

"වී එක්ස්" (VX) රසායනය:

ලෝකයේ දරුණුතම විෂක් ලෙස සැලකෙන "වී එක්ස්" (VX) රසායනය එම ඉන්දුනීසියානු කාන්තාවට දී ඇති තෙල්වල අඩංගු විනැයි සැලකෙයි.

2ce91fa985951ebbfdf6ec9281c769b0 Lකිම් ජොන් නාම් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මැලේසියානු පොලිසිය ක්වාලාම්පූර් අගනුවර පිහිටි මහල් නිවසක් සෝදිසි කළ බවක් ද වාර්තාවෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හතර දෙනෙකු මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, කොරියානු ජාතිකයන් හතර දෙනෙකු ඇතුළු තවත් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් දියත්කොට ඇත.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top