Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 27, 2017

වැඩියෙන් ගස් වවන්නැයි තලේබාන් නායකයා කියයි

ත්‍රස්තවාදය සඳහා ප්‍රසිද්ධ සංවිධානයක් වන තලේබාන් සංවිධානයේ ඇෆ්ගනිස්තානු නායකයා වන හෙබතුල්ලා අක්හුන්දාසා විසින් එරට වැසියන්ගෙන් වෙනස් ආකාරයේ ඉල්ලීමක් සිදුකර තිබේ.

ඒ, ඇෆ්ගනිස්තානය පුරා වැඩි වැඩියෙන් රුක් රෝපණය කරන ලෙසයි.

පරිසරය සුරැකීමට මෙන්ම ආර්ථික සංවර්ධනය හා මෙලොව අලංකාරය වෙනුවෙන් රුක් රෝපණයට සුවිශේෂි ස්ථානයක් හිමිවන බව එම නිවේදනයේ දැක්වේ.

මෙම නිවේදනය ඇෆ්ගන් තලේබාන් වොයිස් ඔෆ් ජිහාඩ් වෙබ්අඩවියේ දැක්වේ.

නීතිවිරෝධී දැව ජාවාරම් හා දහනය සඳහා වනන්තර එළිකිරීම ඇෆ්ගනිස්ථානයේ දැවැන්ත පාරිසරික ගැටළුවක් බවට පත්වී අවසන් ය.

පරිසරික කරුණු හේතුකොට ගෙන තලේබාන් සංවිධානය විසින් නිවේදන නිකුත් කරන අවස්ථා  ඉතා විරල ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top