nsb

Feb 28, 2017

හඳ වටේ යන්න සල්ලිත් බැඳලා!

සඳ වටා සංචාරයක නිරත වීමට ඇමෙරිකානු සිවිල් වැසියන් දෙදෙනෙකු විසින් මුදල් තැන්පතුවක් ද සිදුකර ඇතැයි එරට පෞද්ගලික රොකට් සමාගමක් වන SpaceX පවසයි.

මෙම සංචාරය 2018 අවසානයේදී පැවැත්වීමට නියමිත බව එම සමාගම සඳහන් කරයි.

නාසා ආයතනයෙන් ලද සහය සමග මෙවැනි සංචාරයක් පැවැත්වීමේ හැකියාවක් ඇති වුණු බව SpaceX ප්‍රධාන විධායක නිලධාරී - ඊලොන් මස්ක් පවසයි.

මෙවැනි සංචාරයකදී ඇති විය හැකි අවදානම අවම කරගැනීමට කටයුතු කරන බවද මේ වසරේ අවසානය වන විට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ හා පුහුණුකිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද මස්ක් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත්, මෙම සංචාරය සඳහා මුදල් ගෙවූ පුද්ගලන් දෙදෙනා කවුදැයි හෙළි කර නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top