nsb

Mar 07, 2017

මැලේසියානුවන් කොරියාවේ හිරවෙයි

මේ වන විට උතුරු කොරියාවේ සිටින මැලේසියානු ජාතිකයින් හට එරටින් පිටවීම තහනම් කර ඇතැයි වාර්තා වේ.

මැලේසියාවේ වූ සිද්ධිය නිසි ලෙස විසඳෙන තෙක් මෙම තහනම බලපැවැත්වෙන බව උතුරු කොරියානු රජයේ පුවත් ඒජන්සිය වන KCNA සඳහන් කර ඇතැයි බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

උතුරු කොරියානු නායකයාගේ අර්ධ සොහොයුරා වන කිම්  ජොං නාම් පසුගිය මාසයේදී මැලේසියාවේදී ඝාතනය වූ අතර, මෙම සිද්ධියට උතුරු කොරියාව සම්බන්ධ නැතැයි එරට බලධාරීන් තරයේ ප්‍රකාශ කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top