Mar 09, 2017

රෝස පාට වුන මෙල්බර්න් විල

තද රෝස පැහැයකට හැරුණු විලක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

මෙල්බර්න් නුවර වෙස්ට්ගේට් පාක් හි පිහිටා ඇති මෙම විල රෝස පැහැයට හැරී ඇත්තේ ඇල්ගී ප්‍රතික්‍රියාවක් හේතුවෙන් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

Dunalliela නම් ඒකසෛල ඇල්ගී ජීවියා මෙම විලේ ඇති ලුණු සමග ප්‍රතික්‍රියා කරමින් මෙලෙස රෝස පැහැයට හැරෙයි. මේ දින වන පවතින උෂ්ණ කාලගුණයත් සමග මෙම විලේ ලුණු සාන්ද්‍රණයද වැඩිවී තිබේ.

මෙම විල සංචාරයකයන් අතර ජනප්‍රිය ස්ථානයක් වන නමුත්, මෙහි ජලය සමේ ගා නොගන්නා ලෙස බලධාරීන් විසින් සංචාරකයන් ට අනතුරු අඟවා තිබේ. ලුණු ස්ඵටික සිරුර පුරා ඉතිරිකරමින් මෙහි ජලය වාෂ්ප වීම ඊට හේතුවයි.

(ඡායා : ඩේලිමේල්)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top