Mar 10, 2017

කොටන් කන්න බැරි ගින්දර විට (වීඩියෝ)

බුලත් විට යනු ලක්වාසීන් ට අමුත්තක් නොවේ.

ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද බුලත්විට යනු බොහෝදෙනා අතර ජනප්‍රිය ආහාරයක් වන අතර ඔවුන් බුලත්විට හඳුන්වන්නේ ‘පාන් යන නාමයෙනි. ලංකාවට වඩා වෙනස් ආකාරයේ බුලත්විට ඉන්දියාවේ දැකිය හැකි වන අතර, මෙම පුවත ද එවැනි අපූරු බුලත්විටක් පිළිබඳවයි.

මෙහි නම ‘ෆයර් පාන්’ ය. බුලත් කොළය මත මහදුරු, කරදමුංගු, පොල් හා සිරප් එක්කරමින් සාදා ගන්නා මෙම විටෙහි විශේෂත්වය වන්නේ එය අනුභව කරනුයේ ගිනිගනිමින් තිබියදී වීමයි.

මෙහි ‘ෆයර් පාන්’ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වීථි වල අලෙවි කරන අයුරු පහත දැක්වේ.

(වීඩියෝව : වොයිස් ඔෆ් ඇමෙරිකා)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top