Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 13, 2017

බීබීසී ලයිව් එක අල කරපු පොඩ්ඩො දෙන්නා (වීඩියෝ) Featured

සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ අතිජනප්‍රියම වීඩියෝ අතරට සාමාන්‍යයෙන් එක්වන්නේ සුපිර් තරුවක්. නැතිනම් ආන්දෝලාත්මක යමක්, කලා අංශයේ යමක් හෝ හාස්‍යයෙන් පිරුණු යමක්.

පසුගිය සතියේ දී සියළු සමාජ ජාල තුළ ජනප්‍රියම වීඩියෝ අතර එක්වූයේ දරුසුරතල් හා හාස්‍යය පිරුණු වීඩියෝවකි.
 
බීබීසී ලෝක සේවය හා සජීවී ව සම්බන්ධ වී සිටි මහාචාර්යවරයෙකු ගේ කතාබහ අතරට පැමිණි නොදරුවන් දෙදෙනෙකුගේ සුරතල් වැඩකිඩ ඇතුළත් වීඩියෝව මේ වන විට මිලියන ගණනක් විසින් නරඹා අවසන්.

මෙම අවස්ථාවට මුහුණදීමට සිදුවූයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්ය රොබර්ට් කෙලී ය. සිය නිවසේ කාර්යාල කාමරයේ සිට දකුණු කොරියාවේ දේශපාලන තත්වය පිළිබඳ වග්‍රහයක නිරත වන අතරතුරේදී ඔහුගේ දරුවන් දෙදෙනා එම කාමරයට ඇතුල් වන අතර, කඩිමුඩියේ දිවගෙන එන මහාචාර්යා ගේ බිරිඳ විගස දරුවන් දෙදෙනා කාමරයෙන් පිටතට ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝව පහත දැක්වේ.


(වීඩියෝව : බීබීසී ලෝක සේවය )

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top