Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 17, 2017

බලු පැටියා මරා, බලු වැඩක් කලැයි ජනතා විරෝධයක්

නවසීලන්තයේ ජනාකීර්ණතම ගුවන්තොටුපල වන ඕක්ලන්ඩ් ගුවන්තොටුපලේ කලබැගෑනියක් ඇති කළ සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එහි ආරක්ෂකයන් කටයුතු කිරීම, ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇතැයි වාර්තා වේ.

මෙලෙස මරාදමා ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සදහා ගුවන්තොටුපලේ සේවයේ යොදවා සිටිග්‍රිස් නැමැති මාස 10ක සුනඛයෙකි. ඔහු සිය දම්වැලෙන් පැනගොස් පැය 3 කට අධික කාලයක් ගුවන්තොටුපල පුරා සැරිසැරීම හේතුවෙන් පැය කිහිපයක කාලයක් පුරාවට දෙස් විදෙස් ගුවන් ගමන් 16 ක් පමා වූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

ආහාර, සෙල්ලම්බඩු, වෙනත් සුනඛයන් යොදවා ග්‍රිස් ව අල්ලාගැනීමට දැඩි කළුවර මැද පැය කිහිපයක් පුරාවට උත්සහයක් දැරුවද දිගටම ගුවන් පථයේ මෙන්ම අවට දිවගිය ග්‍රිස් ව අල්ලාගැනීමට නොහැකි වීම සමග ඔහුට වෙඩිතැබීමට තීරණය කළ බව ඕක්ලන්ඩ් ගුවන්තොටුපලේ බලධාරීන් පවසා ඇත.

කෙසේවෙතත් මෙම තීරණය සත්වවේදීන්ගේ හා මහජනතාවගේ දැඩි දෝෂදර්ශණයට ලක්ව තිබෙන අතර, ඔවුන් ප්‍රශ්ණ කර සිටින්නේ ග්‍රිස් ව ඔහුව ඝාතනය කිරීම වෙනුවට නිර්වින්දනය කර අල්ලා ගැනීමට බලධාරීන් කටයුතු කර නොතිබුණේ මන්ද යන්නයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top